Site icon Newshub

ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 400 ක් මරුට!

ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 400 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අතර තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය පවසන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර ගැන තමා දැඩි අප්‍රසාදයක් පළ කරන බවයි.

කාන්තාවන් සහ ළමයින් බොහෝ පිරිසක් මෙම ප්‍රහාර වලින් මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරන අතර මාස දෙකකටත් අඩු කාලයක් පැවති සටන් විරාමය අතරතුර එල්ල වන ප්‍රහාර හේතුවෙන් සටන් විරාමය පිළිබඳ විශ්වාසයද ගිළිහී ගොස් තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පලස්තීනුවන් නැවතත් තම නිවාස සහ කුඩාරම් වලින් පලා යමින් සිටින බවත් ඊශ්‍රායලය ගාසා තීරයේ සැපයුම් අවහිර කර දැනට දින 17ක් බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේදී මේ වනවිට පලස්තීනුවන් 48,577දෙනෙකු මිය ගොස් 112,041 ක් තුවාල ලබා තිබෙන බවද සඳහන් වේ

Exit mobile version