එලැඹෙන පළාත් පාලන මැතිවරණයට ජර්මානු ජාතික කාන්තාවක් අපේක්ෂිකාවක ලෙස තරග කිරීමේ සූදානමින් සිටින බව වාර්තා වෙයි.
මාරියා බෙනන්සා නමැති ඇය ස්වාධින කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙන බව සඳහන් වේ. මෙම කාන්තාව මාතලේ, ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කරන අතර මේ වන විට ඇය ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා මෙවර මැතිවරණයට තරග කරන බව ඇය මාධ්‍ය හමුවේ පවසා තිබෙන බවද වාර්තා වේ