Site icon Newshub

වරෙන්තුකරුවන් අල්ලා නෑ : රට යන්නේ කොහේටද – විනිසුරු පොලිසියෙන් අහයි !

අධිකරණ නියෝග අනුව වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නිකුත් කිරීමෙන් ඵලක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්.එස්. සපුවිද පවසා තිබේ.

(මූලාශ්‍රය ලංකාදීප )

මහාධිකරණ විනිසුරුවරයා මේ බව පවසා තිබෙන්නේ සාක්ෂිකාර පොලිස් නිලධාරියෙකුට වරෙන්තු නිකුත්කරන ලෙස නීතිපතිවරයා විසින් ඊයේ (17) සිදුකළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමිනි.

සාක්ෂිකරු අධිකරණයට ගෙන ඒම පැමිණිල්ලේ වගකීම බවත් අධිකරණ නියෝග ක්‍රියාත්මක නොවන මේ රට යන්නේ කොහේටද කියාද එහිදී විනිසුරුවරයා අදාළ අවධාරණය කර තිබේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර ඇති උප පොලිස් පරීක්ෂක මධුරංග නැමැති සාක්ෂිකරුට මෙසේ වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

Exit mobile version