Site icon Newshub

මම පක්ෂයෙන් යන්නේ නෑ – ඉම්තියාස් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් කියයි

සමගි ජනබල වේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකර් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාකිර් මාකර් මහතා විසින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද පෙරවරුවේ යොමු කර තිබේ.

ඉම්තියාස් බාකිර් මාකර් මහතා පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද අවසන් මොහොතේ ඔහුට එම ධූරය හිමි නොවීය.

කෙසේ වෙතත් පක්ෂ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වුවද පක්ෂය සමඟ වැඩ කටයුතු කරමින් සිටින බව ඉම්තියාස් බාකිර් මාකර් මහතා පැවසීය.

Exit mobile version