Site icon Newshub

ජනාධිපති කාර්‍යාලය සඳහා අනුයුක්ත කර තිබූ වාහනයක් තුළ පුපුරන ද්‍රව්‍ය : සැකපිට 2ක් අත්අඩංගුවට !

ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබූ ගුවන් හමුදා ජීප් රථයක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළකු හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන ආකාරයට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව කටයුතු කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙක් හා කැලණිය ප‍්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයෙකු ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි

Exit mobile version