Site icon Newshub

ආනන්ද විජේපාලට එරෙහි පෙත්සමක් කල් යයි !

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි 05 වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය දැනුම්දී තිබේ.

පෙත්සම අද (18) අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සිද්ධියට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ට විනිසුරු මඩුල්ල විසින් සතියක කාලයක් ලබා දී තිබේ.

අනතුරුව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් මතුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි 05 වනදා ප්‍රකාශයට පත්කරන බවට විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version