Site icon Newshub

දේශබන්දුගේ නීතීඥයන්ගෙන් මෝසමක් !

වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයට අද (17) මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම මඟින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.

මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශබන්දු තෙන්නකෝන් ගේ නීතිඥවරුන් විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ

Exit mobile version