Site icon Newshub

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ හොට පටලවාගෙන : කෝටි 60ක් නොදුන්නොත් නඩු !

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මාධ්‍ය අධ්‍යක්ෂ (නව මාධ්‍ය) සිසිර සෙන්පති කහවත්ත නම් තැනැත්තාගෙන් රුපියල් කෝටි 60ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ එන්තරවාසියක් යවා ඇති බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඩී.එම්.එම්.එම්. විජයරත්න නීතීඥ සමාගම හරහා එම එන්තරවාසිය යවා තිබේ.

පසුගියදා පැවති කෝප් කමිටුව හමුවේදී ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී කරුණු විකෘති කරමින් අසත්‍ය, පදනම් විරහිත ද්වේශ සහගත අයුරින් තමා සම්බන්ධයෙන් ප්‍රකාශයන් කිරීම යන චෝදනා ගොනු කරමින් මෙම එන්තරවාසිය  යවා ඇත.

Exit mobile version