Site icon Newshub

අනුරගේ ආණ්ඩුවට විරුද්ධව කාදිනල් පාරට බහින්න සැරසෙයි.!

“පාස්කු දින ප්‍රහාරයේ 6 වන වසර සැමරීමට පෙර වත්මන් ආණ්ඩුවෙන් පරීක්ෂණ පිළිබඳ සුබ පිළිතුරක් නොලැබුනොත් නැවතත් අපිට වෙන්නේ පාරට බහින්න” – අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්.

පාස්කු ඉරු දින ප්‍රාහරයේ වින්දිතයින් සම්බන්ධයෙන් කතෝලික සභාව නිහඬ නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවාපිටිය සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ දී වූ පොරොන්දුව අනුව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අගරගුරු පදවි ශ්‍රවණාගාරයේ දී (15) පැවති අගරගුරු පදවි ජනසන්නිවේදන සමුළුව අමතමිනි.

කාලයේ වැලි තලාවට යටවීමට ඉඩ නොදෙන බවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කටුවාපිටිය සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේදී ජනාධිපතිතුමන් වූ පොරොන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියා.

තවත් මසකින් පමණ පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 6ක් ගතවීමට නියමිත බවත් එයට පෙර පොරොන්දු වූ පරිදි හැකි ඉක්මනින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් දක්වන ලෙස උන්වහන්සේ අවධාරණය කරනු ලැබුවා. එසේ නොවුනහොත් යළි වතාවක් යුක්තිය ඉල්ලා පාරට බැසීමට සිදුවන බවත් මෙහිදී උන්වහන්සේ කියා සිටියා.

අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය මඟින් 2025 ජුබිලි වසර වෙනුවෙන් අගරදගුරු පදවි ජනසන්නිවේදන සමුළුව සංවිධානය කළ අතර මේ සඳහා සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සහයක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්, අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන් සහ පූජා ප්‍රසාදීන් වහන්සේලා විශාල පිරිසක් පැවිදි සොයුර සොයුරියන් මෙන්ම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදින් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාධරයන් විශාල පිරිසක් සහභාගි විය.

Exit mobile version