පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධ පළමු විවාදය අප්‍රේල් මස 10 වැනි දින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව එම කොමිෂන් සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දින දෙකක් විවාද කිරීමට තීරණය වූ අතර එහි පළමු දිනය අප්‍රේල් 10 වැනිදා පැවැත්වීමෙන් පසු මැයි මාසයේ දිනයකදී ඊළඟ දින විවාදය පැවැත්වීමට කටයුතු කර තිබේ.