Site icon Newshub

දේශබන්දුට සැඟවීමට සිදුවීම ගැන සතුටු වෙන්න : නි.ඇ. මහින්ද ජයසිංහ දන්වයි !

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නොහැකී වීමට වඩා පොලිස්පතිට පොලිසියට බයේ හැංගෙන්න සිදුවූ ආණ්ඩුවක් හදා ඇති බවත් ඒ ගැන සතුටු වියයුතු බවත් නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය විසින් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

මෙහිදී අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර නීතිය හරස් වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා අපරාධ , දූෂණ වංචා සඳහා චෝදනා ලැබූවන් නීතිය හමුවට ගෙනෙමින් ඇති බවද සඳහන් කළේය.

මහ පොළොවේ දේශපාලනය කරන පක්ෂයක් ලෙස තමන්ට අභියෝග කිරීමට දේශපාලන පක්ෂයක් නොමැති බවද ඔහු සඳහන් කළේය .

මේ අවස්ථාවට හිටපු කතානායක ආචාර්ය අශෝක රන්වල ද සහභාගීව සිටියේය

Exit mobile version