Site icon Newshub

අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? අපිටත් නිවාඩු දෙන්න – චාමර සම්පත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට(15) දින පාර්ලිමේන්තුවට නිවාඩු දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අද(14) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළේය, එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ආණ්ඩුවේ විසිල් විතරයි. බල්ටි නෑ. පොල් ගෙඩිය ඉතිහාසයේ පළමු වතාවට වැඩිවුනේ ඔබතුමා අමාත්‍යංශය ගත්තාම. ඒක ඔබතුමාගේ වරදකුත් නෙමෙයි. හැබැයි හඳහන බලාගන්න. හරි නම් හෙට අපිට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න. හෙට රිලා වදුරු සංගණනය තියෙනවා. අපි නැතුව අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? ඒක නිසා සත්තු ගණන් කරන්න අපිට හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න. ගෑණු රිලව්, පිරිමි රිලව් වෙන වෙනම දාන මොකක්ද වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම ඒක වුනේ නෑ’

Exit mobile version