Site icon Newshub

බටලන්ද ගැන ඉරිදාට විශේෂ ප්‍රකාශයක් කිරීමට රනිල් සැරසෙයි !

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එළැඹෙන ඉරිදා දිනයේ හිටපු ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප‍්‍රකාශය සිදු කිරීමට නියමිතය.

අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (14) පාර්ලිමේන්තුවේදී බටලන්ද කොමිසමේ වාර්තා සභා ගත කළ අතර, ඊට අදාළව ආණ්ඩුව විසින් ගැනීමට අපේක්ෂා කරන පියවර සම්බන්ධවද ඔහු පැවසීය.

ඒ අනුව, කොමිෂන් වාර්තාව ජනතාවට ප්‍රසිද්ධ කිරීම , වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීම, කොමිෂන් වාර්තා පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කිරීමටත්, දෙදින විවාදයක් පැවැත්වීමටත් තීරණය කෙරුණු බවට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය

Exit mobile version