Site icon Newshub

මත්පැන් ස‍‍‍‍‍ඳහා 200% ක තීරුබදු – ඇමෙරිකාව හා යුරෝපා සංගමය වෙළෙඳ යුද්ධයකට අර අදියි !

යුරෝපා සංගමයට අයත් රටවලින් ගෙන්වන මත්පැන් සඳහා 200% ක තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකාවේ නිෂ්පාදිත මත්පැන් සදහා 50% ක තිරුබදු පනවන බවට යුරෝපා සංගමය කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම අනතුරු ඇඟවීම කර ඇති බව වාර්තා වේ.

පසුගියදා යුරෝපා රටවලින් ආනයනය කරනු ලබන වානේ සහ ඇලු‍මිනියම් සඳහා තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමය මෙම දැනුම් දීම සිදුකර තිබේ.

මේ අතර, ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාවන් උත්සන්න වන වෙළඳ යුද්ධයක නවතම හැරවුමක් වනු ඇති බවයි.

Exit mobile version