Site icon Newshub

වෛද්‍ය වර්ජනය උදේ 8 ට අවසන් – අනුරාධපුර රෝහලේ වර්ජනය අඛණ්ඩව

අනුරාධපුර ශික්ෂණ ⁣රෝහලේ වෛද්‍යවරියක් දූෂණයට ලක්කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (13) පෙරවරු 8.00න් අවසන් වීමට නියමිතයි.

එසේ වුවද අදාළ සැකකරු අත්අඩංගුවට ගත්ත ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකෙරෙන බව වාර්තා වේ.

ඒ අදාළ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරදෙන ලෙසට බලකරමිනි. මේ සම්බන්ධයෙන් අද පෙවරුවේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය අණ්ඩව සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි

Exit mobile version