දේශපාලනඥයන්ට පාසල් උත්සව සඳහා සහභාගී වීම වළක්වමින් කිසිදු නීතියක් පනවා නැති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
පාසල් පද්ධතිය දේශපාලනය සඳහා යොදා නොගත යුතු බව පමණක් පවසා ඇතැයිද ඇය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
එවන් සීමාවක් පනවා නොමැති බවද පැවසන පැවසූ ඇය මාධ්‍ය විසින් වැරදි ලෙස ප්‍රසිද්ධ කර ඇති බවද සඳහන් කළාය.
ඇය මේ බව කියා සිටියේ රජය විසින් පනවා ඇති සීමා කිරීම් නොතකමින් රජයේ මැති ඇමතිවරුන් පාසල් උත්සවයට සහභාගි වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී කල ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
එහි ආසන්තම සිද්ධිය ලෙස තම පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී තමන් ආචාර්ය උපාධිය ලබාගත් තැනැත්තෙකු ලෙස හඳුන්වා දෙමින් මැතිවරණ ව්‍යපාරයේ පෝස්ටර් සඳහා ආචාර්ය අසෝක රන්වල ලෙස හඳුන්වා දුන් එම ආචාර්ය උපාධිය ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිසා කතානායක ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල පාසල් ක්‍රීඩා උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම විපක්ෂය විසින් පෙන්වා දුනි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය පැවසූ බවට පසුගිය සැප්තැම්බර් 25 වෙනි දින අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයකින් සඳහන් කළේ දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා ගෙන්වීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දන්වන ලද බවයි.
එම නිවේදනය පහතින්