Site icon Newshub

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ආණ්ඩුවට ස.ජ.බ සහය?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා ජාතික ජන බලවේගය ගෙනයන වැඩපිළිවෙළට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගිජන බලවේගයේ පූර්ණ සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා සමගිජන බලවේගයේ බහුතරයකගේ විරෝධය මතුව ඇතත් සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි කීපදෙනෙක් මේ සම්බන්ධව සහයෝගය ලබාදීමට එකඟ වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ( 11) පෙරවරුවේ පැවසීය.

බටලන්ද වාර්තාව සම්බන්ධව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමු කළ බව ද ඒ මහතා අනාවරණය කළේය

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට

Exit mobile version