Site icon Newshub

මාලිමාව ආණ්ඩුව අවුරුදු 100 කින් නතර වෙන්නෙත් නෑ : නියෝජ්‍ය ඇමති සරත් කියයි !

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ගමන ආරම්භ කළේ වසර සියයකින්වත් නතර කිරීමට නොවන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ ජනහමුවක් අමතමිනි .

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

“මේකට ගොඩක් ගමනක් නෑ, කිව්ව දේවල් කරන්නෙ නෑ, සාධාරණත්වය නෑ, ඒ ශ්‍රේෂ්ඨතම පක්ෂය නෑ කියලා ගොඩක් අය කියන්න පටන් අරන් තියෙනවා. අපි ඒ හැමෝටම කියනවා, නෝනාවරුනි මහත්වරුනි කලබල වෙන්න එපා. අපි මේ ගමන ආරම්භ කළා විතරයි. මේ ගමන සියවසකින්වත් නතර කරන්න නෙවෙයි මේ ගමන ආරම්භ කළේ.”

Exit mobile version