හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) නියෝග කළේය.
රොයල් පාක් මිනීමැරුමේ සිද්ධිය සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මකිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නොතීසි නිකුත් කර තිබේ.
පසුගිය වසරේ මෙම නඩුවේ තීන්දුව දුන් අවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් මසක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට නියෝග කරනු ලැබීය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම වන්දි මුදල මේ දක්වා ගෙවා නැති බව අද අධිකරණයේදී කරුණු අනාවරණය වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරනු නිකුත් කර ඇත.