Site icon Newshub

ව්‍යවසායකත්වය ගැන මාලිමාවෙන් ඉගෙන ගන්න : නි.ඇ. චතුරංග ගෙන් උපදෙස් !

ඇතැම් ව්‍යවසායකයින් ව්‍යවසායකත්වය යනු ලාභ ලබන ව්‍යාපාරයක් සිදුකිරීම බවට හිතාගෙන සිටින බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

බලන්න පොඩ්ඩක් ජාතික ජනබලවේගය කොහොමද ගොඩ නැගුණේ. මොකක්ද මාර්කට් එකේ තිබුණ ගැප් එක. ඒ ගැප් එක හොයාගෙන කොහොමද කණ්ඩායමක් ලෙස සමස්ත ඉතිරි තරගකරුවන් ඔක්කොම පරද්දලා, රටේ බලය අත්පත් කරගත්තේ ! ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒ නිසා රටේ ව්‍යවසායකත්වය, ආර්ථික ව්‍යවසායකත්වය ගැන කතා කරන්න කලින් ප්‍රාදේශීය සභාවක්වත් දිනා ගැනීමට පුළුවන් වෙන්න ඕන.

Exit mobile version