Site icon Newshub

රාජ්‍ය සේවය තවත්  ඉහල දමන තීන්දුවක් !

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට 2,500ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයට 22ක්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 185ක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයට 20, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට 1,615, මධ්‍යම පළාත් සභාවට 72, ඌව පළාත් සභාවට 303ක් ආදී ලෙස මුළු පුරප්පාඩු සංඛාව 5,882ක් වෙනුවෙන් නව බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කෙසේ වුවත් මෙරට රාජ්‍ය සේවයේ නියුතුවන ප්‍රමාණය අතිවිශාල වන අතර එය තවදුරටත් ප්‍රසාරණය කිරීම දැරිය නොහැකි තත්ත්වයක් බව ආර්ථික විශ්ලේෂකයන් ගේ මතය වී තිබේ.

රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම මේ වන විටත් රාජ්‍ය භාණ්ඩාගාරයට දුෂ්කරව ඇති බවත්, රාජ්‍ය ආදායමින් අතිවිශාල පංගුවක් මේ වන විටත් ඒ සඳහා වෙන්කෙරෙන බව පෙන්වාදෙන ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වාදී සිටින්නේ රාජ්‍ය සේවය ඵලදායී අයුරින් කාර්‍යක්ශම කරගැනීම වෙනුවට තවදුරටත් පිරවීම කිසිසේත් දියුණු තීන්දුවක් නොවන බවයි.

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදී යන්තමින් එයින් පිටමං වෙමින් ඇති පසුබිමක සිදුවන සුළු කම්පනයක් පවා ජන ජීවිතය අඩාල කෙරෙන ආර්ථික අවධානම පහවගොස් නොමැති පසුබිමේ ගනුලබන මෙවැනි තීන්දු ජනප්‍රිවාදී නමුත් දූරදර්ශී නොවන බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදීම පැවති ආණ්ඩුවල අවධානය යොමුකර ඇත

Exit mobile version