Site icon Newshub

ජාතික ජන බලවේගය ආණ්ඩුව කල්පයකට හොලවන්න බෑ : ටිල්වින් කියයි !

ජාතික ජන බලවේග ආණ්ඩුව තවත් කල්පයකට හොලවන්න පුළුවන් ආණ්ඩුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

එසේ සෙලවිය නොහැකි බව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර පෙන්විය යුතු බවද ඔහු සඳහන් කළේය. ටිල්වින් සිල්වා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති ජනහමුවක් අමතමිනි.

ආණ්ඩුවට ඇති ජනබලය අඩුවී ඇතැයි ඇතැම් පරාජිත දේශපාලඥයන් සිදු කරන ප්‍රකාශ වලට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ප්‍රතිචාර දැක්විය යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version