Site icon Newshub

මල් පෝච්චි පෑගුවා කියලා මගෙන් කට උත්තර ගත්තා – අගමැතිනි

පසුගිය වසරේ කාන්තා දිනය දා ජල ප්‍රහාර කාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන විට මල් පෝච්චි පෑගුවා කියලා තමන් ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවත් අදටත් ඒ නඩුව විභාග වන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැනවිය අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

අගමැති ලෙස පත්ව සිටියදී තමන්ගෙන් ඒ සම්බන්ධව කට උත්තර ලබා ගත් බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අනාවරණය කළාය.

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සම්බන්ධවව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් කියා සිටියේ පසුගිය වසරේ කාන්තා දිනය දා පොල්දූව මංසන්ධියේදී තමන් ඇතුළු කාන්තාවන් පිරිසකට ජල ප්‍රහාර එල්ල කළ බවය.

” ගිය අවුරුද්දේ මාර්තු මස අටවෙනිදා මට සිහි වෙනවා මෙතන ඉන්න කාන්තා මන්ත්‍රීවරියන් ඇතුළු අපේ කාන්තා මන්ත්‍රීවරියන්ට එදා උද්ඝෝෂණයකදී පොල්දුව මංසන්ධියේදී වතුර ප්‍රහාරයකට ලක්වන්න සිදුවුණා.

මම එදා පාර්ලිමේන්තුවට ආවෙත් වතුර ප්‍රහාරය කාගෙන.එහෙම එනකොට මල් පෝච්චි පෑගුනා කියලා අපට විරුද්ධව නඩු පැවරුවා. තාමත් ඒ නඩුව අහනවා. අගමැති ලෙස සිටියදීත් ඊට මගෙන් කට උත්තර ලබා ගත්තා.ඒ වගේ අරගල හරහා තමයි අපත් මේ තැනට ආවේ.” යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැනවිය වැඩිදුරටත් පැවසුවාය.

Exit mobile version