Site icon Newshub

සංජීව ඝාතනයේ සැකකරුවන් වීඩියෝ තාක්ෂණයෙන් අධිකරණයට !

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 10 දෙනා සම්බන්ධ නඩුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද(07) කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි අධිකරණ රෙජිස්ටාර්වරියට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

මහේස්ත්‍රාත්වරිය කර තිබෙන දැනුම්දීමට අනුව ඊට අවශ්‍යය කටයුතු සූදානම් කරන ලෙස රෙජිස්ටාර්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී ඇති බව වාර්තා වේ.
මෙම සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය මෙම දැනුම්දීම සිදුකර තිබේ. මේ වන විට ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දස දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී

Exit mobile version