Site icon Newshub

නලින්ද විජිතට පිටුපායි : රනිල්ගේ යෝජනාව ක්‍රියාවට නඟන්න තීන්දුවක් !

තැපැල් කාර්යාල කිහිපයක් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි මධ්‍යස්ථාන බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

ඊට නුවරඑළිය, නුවර, කොළඹ, ගාල්ල තැපැල් කාර්යාල අයත් වන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) එම අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

‘සංචාරක ආකර්ෂණය දිනාගත හැකි තැපැල් කාර්යාල නුවරඑළිය, නුවර, කොළඹ, ගාල්ල වගේ තැන්වල තියෙන තැපැල් කාර්යාල සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථාන බවට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපේ ප්‍රධාන තැපැල් මූලස්ථානය ආශ්‍රිතව කෞතුකාගාරය වැඩ සංවර්ධනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා’

කෙසේ වුවත් මෙම යෝජනාව මීට පෙර ඉදිරිපත් කර සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. එහෙත් එම අවස්ථාවේ වෘත්තීය සමිති විරෝධතා මතුවූ අතර නව ආණ්ඩුව පත්වීම සමඟ පිහිටවූ ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩලයේ විෂය භාර අමාත්‍යවරයා වූ විජිත හේරත් අවධාරණය කර සිටියේ අදාළ ස්ථාන තැපැල් සේවාවේ කටයුතු සඳහා මිස වෙනත් කිසිඳු කටයුත්තක් සඳහා යොදා නොගන්නා බවයි.

නමුත් එකී ස්ථාවරය මේ වන විට වෙනස්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ස්ථාවරය නිවැරදි බව වත්මන් ආණ්ඩුව පිළිගෙන ඇති බව මේ හරහා පෙන්නුම් කෙරේ.

Exit mobile version