Site icon Newshub

දේශබන්දු තවමත් නෑ : වැලිගම පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම් !

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ 2023 දෙසැම්බර් 31 වන දින මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩු කටයුත්තට අදාළවය.

මේ සම්බන්ධව 2025 පෙබරවාරි 28වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ද ඒ අතර වූ බැවින් ඔහු අධිකරණයට භාරවිය. පසුව ඔහුව ඇප මත මුදාහැරීමට කටයුතු කෙරිණ.

කෙසේ වුවත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ තවමත් කටයුතු කර නැත.

Exit mobile version