Site icon Newshub

දළදා දැක්ම 08 වැනිදා සිට 27 දක්වා – ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 10.000!

ලබන මස 18 වැනි සිට ආරම්භවන විශේෂ දළදා ප්‍රදර්ශනයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10.000 ක් යෙදවීමට ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

දළදා දැක්ම 08 වැනිදා සිට 27 තෙක් පැවැත්වීමට සැලසුම් කරතිබේ. මෙම විශේෂ දළදා ප්‍රදර්ශනයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වීමට නියමිත බැවින් ඒ වෙනුවෙන් ඉහළ ආරක්ෂාවක් ලබාදිය යුතු බවට විවිධ පාර්ශ්වයන්ගෙන් පොලිසියට සහ මහා නා හිමිවරුන් වෙත විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබී තිබිණි.

පසුගියදා මහානායක හිමිවරු බැහැදැකිමට පැමිණි පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ ද ප්‍රධාන ඉල්ලීම වූයේ දළදා ප්‍රදර්ශනය සඳහා විශේෂ ආරක්‍ෂාවක් යෙදවීමට උපදෙස් දෙන ලෙසයි. දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසා තැබීමට ද තීරණය කර තිබේ.

දළදා ප්‍රදර්ශනය සඳහා ලක්ෂ විස්සකට අධික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සලසා දීම වෙනුවෙන් මහනුවර මහනගර සභාව ඇතුළු ආයතන කිහිපයක් කටයුතු කර සැලසුම් කර ඇත.

Exit mobile version