පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැතිවරණ කොමිසම ට ස්තූති කරන බවත් ” රැවටුවා ඇති – බොරුවට තිත” තේමාවෙන් පොදුජන එක්සත් පෙරමුණ ලෙස ඒ සඳහා ඉදිරිපත් වන බවත් ශ්‍රීලනිප මහ ලේකම් , හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ 05 වැනිදා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
වත්මන් ආණ්ඩුව රටේ ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව සමස්ත ජනතාවම රවටා ඇති බවත් එබැවින් එළැඹෙන මැතිවරණයේදී ජනතාව ඊට ප්‍රතිචාරය දක්වනු ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා සඳහන් කළේය.
මැතිවරණය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණය සඳහා ඇප මුදල් තැම්පත් කිරීම අද (06) කොළඹින් අරභන බවත් එතැන් සිට අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ද ඇප මුදල් තැම්පත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය .
පොදුජන එක්සත් පෙරමුණ සමඟ කටයුතු කළ පක්ෂ සියල්ල මේ වන විට යළි එක්ව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ඒ සියලු පක්ෂ නියෝජනය කරමින් ප්‍රබල අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කර, ජයග්‍රහණය කිරීම තම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය .
මෙහිදී ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැනද සිහිපත් කර සිටියේ මෙසේය.
“බැරිවෙලා හරි රටේ ජනතාව ගෑසිලින්ඩරයෙන් ඉදිරිපත් කරපු ජනාධිපතිවරයා ජනාධිපති කළා නම් රටේ ජනතාවට එහෙම පඬි වැඩීමක් නෙමෙයි වෙන්නේ . එහෙනම් මීට වඩා දැනෙන පඩිවැඩි වීමක් වෙනවා.එහෙනම් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් මෙරටට එනවා. ජනතාවට මීට වඩා බොහොම යහපත් ජීවිතයක් ලැබෙනවා. මේක ගොඩනගන සැලැස්ම තිබ්බේ අපි ළඟයි ”
මෙහිදී දුමින්ද දිසානායක මහ ලේකම්වරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය විසින් හෙළිකල දේශපාලන සබඳතා මත ලබාගත් ඉන්ධන පිරවුම් හල් ලැයිස්තුවේ තම නමද සඳහන් කර තිබීම පිළිබඳව මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේය.
” මගේ නමත් චැනල් එකක කියවුනා මටත් ශෙඩ් එකක් තියෙනවා කියලා. මට නෙමෙයි සෙට් එක තියෙන්නේ , ඒක සහෝදරයාට ලැබුනේ සීයගෙන්. NPP එකේ මන්ත්‍රීවරුන්ගෙන් අහන්න තියෙන්නේ මේ රටේ දේශපාලනය කරන උදවියට අම්මලා තාත්තලා නැද්ද , ඥාතීන් නැද්ද , සහෝදරයෝ නැද්ද මේ අයට මේ රටේ සාධාරණ විදිහට ව්‍යාපාරයක් කරලා ජීවත්වීමේ අයිතියක් නැද්ද එක පුද්ගලයෙක් දේශපාලකයේ කුණා කියල මේගොල්ලෝ කරන සාධාරණ ක්‍රියා සියල්ලට දේශපාලනයකගේ නමක් ඇඳගෙන මේ කරන හිරිහැරේ කුමක්ද මේ අය මොකක් හරි වෛරකින් ඉන්නේ”
“අපේ මල්ලිගේ ෂඩ් එක එහා පැත්තේ තියෙන්නෙත් වසන්ත සමරසිංහ මහතාගේ බිල්ඩීම. ඒකේ ජිම් එකක් තියෙනවා කඩ තියෙනවා තට්ටු තුන හතරක් ගහලා තියෙනවා. ඒක් එතුමගේ වෙන්න පුළුවන් එතුමගේ බිරිඳ ගෙවෙන්න පුළුවන්. සීයලා ආච්චිලා දුන්නේ ඒවා වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ව්‍යාපාර වලට කරන මඩ ගහන එක අපි නම් කරලා නැහැ. මගේ සහෝදරයන් තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට ෂෙඩ් එකක් තියෙනවා. දෙන්නෙක් ලෝයර්ස්ලා. ලෝයර්ස්ලාට කම්පැනියක් තියෙනවා. ඒ කොම්පැනිවලට නමට මගේ නම කියලා හරියනවද ?