Site icon Newshub

මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කිරීම පාලනය කළ යුතුයි : ආසියාවේ රිදී සීනුව පාර්ලිමේන්තුවේ නද දෙයි !

මාධ්‍ය මඟින් අසත්‍ය ප‍්‍රවෘත්ති වාර්තා කිරීම පාලනය කිරීම සඳහා ඉදිරියේදී මාධ්‍ය නියාමනයකට ලක් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.

ජනමාධ්‍යවේදීන් වෘත්තිය කරගෙන යා යුතු සීමා ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බවත් මාධ්‍යවේදින් එහි දිග පළල සීමාවන් දැනගත යුතු බවත් ඇය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මේ බව සඳහන් කර සිටියේ අද (06) පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.


“ජනමාධ්‍ය ප්‍රශස්ත මට්ටමට රැගෙන ඒමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. ජනමාධ්‍යවේදීන් වෘත්තිය කරගෙන යා යුතු සීමා ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. මාධ්‍යවේදින් එහි දිග පළල සීමාවන් දැනගත යුතුයි. දණ්ඩ නීති සංග්‍රහයෙන් අසභ්‍ය ප්‍රකාශන කරන්න බැරි බව කියා තිබුණත් එහෙම වන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල වෛරය උසිගන්වන පුවත් මාධ්‍යවල ප්‍රචාරය කරනවා. මේවා යම් නියාමනයකට ලක්විය යුතු බවට ආණ්ඩුවේ අවධානය යොමු වී තියෙනවා”


මෙහෙදි එක්තරා දේශපාලන කටයුත්තක් පෞද්ගලික මාධ්‍ය දෙකක් වාර්තා කර ඇති ආකාරයේ වෙනසද මන්ත්‍රීවරිය පෙන්වූ අතර, ආණ්ඩුව හාස්‍යට බඳුන්වන ලෙස එකී පුවත වාර්තා කළ මාධ්‍ය නාලිකාව ජඩ මාධ්‍ය ලෙසත් ආණ්ඩුවට පක්ෂපාත ලෙස පුවත වාර්තා කළ මාධ්‍ය නාලිකාව ජනමාධ්‍ය ලෙසත් ඇය අරුත් දක්වා සිටියාය.

Exit mobile version