Site icon Newshub

ධීවර ප්‍රශ්නය විසඳුවේ නැත්නම් ඉන්දියාවේ අනෙක් උදව් සැබෑ උදව්ද කියා සැකයි :බිමල්ගෙන් මෝදිට දෝස්මුරයක් !

“උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය විනාශ කරන්න එපා”කියා පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඉන්දියානු බලධාරීන්ට අවධාරණය කර සිටියේ ය.

මිනිසුන්ට උදව් කරනවා කියන්නේ ගංවතුර ආධාර බෙදීම ආදිය නොව ස්වශක්තියෙන් ජනතාවට නැගී සිටින්න ඉඩ හැදීම යැයි ද ඔහු සඳහන් කළේය .

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ වැය ශීර්ෂය  පිළිබඳ විවාදයට එක්වෙමිනි.

උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය වන ධීවර කර්මාන්තය නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බවද එහිදී ඔහු සඳහන් කළේය .

ඉන්දීය ආණ්ඩුව ලංකාවට කොච්චර උදව් කලත් යාපනේ ජනතාවට මේ උදව්ව කරන්නේ නැත්නම් අනෙක් කාරණා සැබෑ උදව් වෙනවාද යන ප්‍රශ්නය තිබෙන බවද බිමල් රත්නායක වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට එන ඉන්දීය ධීවරයන් ගැන එරට නීතිය අනුව ක්‍රියා කරන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බවත් අදාළ කාරණය පිළිබඳව තමිල්නාඩු ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

වඩාත් විශේෂ සිදුවීමක් වනුයේ එළඹෙන අප්‍රේල් මාසයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරත වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා ලැබෙමින් පවතින පසුබිමක මෙවැනි අදහස් දැක්වීමක් සිදුකිරීම බව විචාරක මතය වී තිබේ.

ගංවතුර ආධාර පමණක් නොව 2022 මෙරට මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය අවස්ථාවේද ඉන්දියාව මෙරටට නොමසුරු ආධාර සැපයූ බවද ඔවුන් සිහිපත් කරයි.

Exit mobile version