Site icon Newshub

හමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්

ගාසා තීරයේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් නිවේදනයත් නිකුත් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානය ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, හමාස් සංවිධානය මිහිපිටින් තුරන් කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තර්ජනය කර ඇතැයි වාර්තා වේ. ගාසා පලස්තීන වැසියන්ට ලස්සන අනාගතයක් උදාකරන්න තමා සූදානම් බවත්, හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන ඉන්නාතුරු එය ඉටු කළ නොහැකි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සඳහන් කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප්, මෙසේ හමාස් සංවිධානයට අනතුරු ඇඟවීම් සිදුකර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version