Site icon Newshub

අතිරේක ලේකම්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ප්‍රවාහන නාවික හා වරාය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට සිය ධුරයේ කටයුතු කිරීමට බාධාකිරීමෙන් අතිරේක ලේකම්වරයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් අද (05) දැනුම් දී තිබේ.

ප්‍රවාහන නාවික හා වරාය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන්ට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධාකර තම මූලික අයිතිවාසිකම් කඩකරන බව පවසමින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා තම රාජකාරී කටයුතුවලට බාධා කිරීම් වලකාලන අතුරු නියෝගයක් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය පෙබරවාරි (05) පෙත්සමක් ගොනුකොට තිබුණි.

මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ බව දැනුම් දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මැයි 19 වන දින ඒ සදහා විරෝධතා හා ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කරන ලෙස ද ත්‍රිපුද්ගල විනිෂ්චය මණ්ඩලය විසින් දැනුම් දී තිබේ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ.එච්.එම්. අබේරත්න, රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන් ඇතුළු 15 දෙනෙකු නම්කර තිබුණි

අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අතිරේක ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

පුනරුද ආණ්ඩුව රාජ්‍ය සේවක දඩයම අරඹයි !

Exit mobile version