Site icon Newshub

වෛද්‍යවරුන් පසුබසිද්දී සෞඛ්‍ය වෘත්තී⁣යවේදීන් 06 වනදා වර්ජනයේ !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම හෙට (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

නව රජයේ අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තීන්ටද බලපාන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලා තිබුණි. අදාළ ගැටලුවට සාධනීය විසඳුම් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම නිසා එම සම්මේලනය ඊයේ තීරණය කළේ එළඹෙන 6 වනදා පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමටය.

පරිපූරක වෛද්‍ය සේවා, වෛද්‍ය රසායනාගාර, අතුරු වෛද්‍ය සේවා, විකිරණ විද්‍යා, චිකිත්සක, පවුල් සෞඛ්‍ය සේවා, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා, දන්ත කාර්මික ශිල්පි සහ ඖෂධ සංයෝජක ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් වර්ජනයට අවතීර්ණවීමට නියමිත බව වාර්තා වෙයි

Exit mobile version