Site icon Newshub

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකු අපරාධ පරීක්‍ෂණය දෙපාර්තමේන්තුවට!

ලංකා ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

ඛනිජ තෙල් ඇනවුම් කිරීම පසුගිය දා අත්හිටවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙලෙස බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකු අපරාධ පරීක්‍ෂණය දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඉන්ධන ඇණවුම් නොකර සිටීම කිසියම් දේශපාලන උවමනාවකට සිදු කරන කඩාකප්පල් ක්‍රියාවක් බවත් ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස පසුගියදා පුද්ගලයින් කිහිපදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලදී.

මේ සම්බන්ධව අද කැඳවා ඇති සංගමයේ සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අවශ්‍ය වුවහොත් සංගමයේ සෙසු නිලධාරීන් කැඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.



 

Exit mobile version