කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා ක්‍රියාත්මක කිරීමට යන සත්ව සංගණනයට මේ වන විට මාලිමා ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම විරෝධය මතුවඇත. මෙම මස 15 වැනි දින පෙරවරු 08 සිට 8.05 දක්වා කාලය තුළ දී රිලවුන්. වඳුරන්. දඬුලේනුන්. සහ මොනරුන් ගේ සංගණනයක් සිදු කිරීම සඳහා රටම සූදානම් වන ලෙස කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව එම වැඩපිළිවෙළ සඳහා ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් සියලු රාජ්‍ය සේවකයින් පෙළගැස්වීමට මේ වන විට නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ සත්ව සංගණනයක් සිදුකරන බව පවසමින් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා රටම හිනස්වමින් ගෙනයන අමනෝඥ ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පළ කරන බව පරිසර සංවිධාන සහ ගොවි සංවිධාන ගණනාවක නායකයෝ පවසති. මෙම සංවිධාන වලට අමතරව මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම නාමල් කරුණාරත්න මහතාගේ සත්ව සංගණන වැඩපිළිවෙළට දැඩි විරෝධයක් මතු වෙමින් ඇත.
විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ මෙම සත්ව සංගණනය සිදුකළ නොහැකි බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මේ බව සඳහන් කළ ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ලබන 15 වැනි දින පෙරවරු 08.00 සිට 8.05 වන තෙක් මෙම සංගණනය සිදු කළ යුතු බව ප්‍රකාශ කර තිබුණත් එවැනි කෙටි කාලයක් තුළ සත්ව සංගණනයක් සිදුකළ නොහැකි බවයි.