Site icon Newshub

රජයේ නිල වෙබ් අඩවි අක්‍රීයයි – ගංගානි ලියනගේ තවමත් මුද්‍රණාලයාධිපති තනතුරේ!

රජයේ නිල වෙබ් අඩවි කිහිපයක් ම බිඳ වැටී ඇති බව වාර්තා වෙයි.රජයේ ආයතන කිහිපයක නිල වෙබ් අඩවි ජනතාවට පරිශීලනය කළ නොහැකි තත්ත්වයක් නිරීක්ෂණය වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණාලය එම වෙබ් අඩවි අතර වේ.

මේ අතර රජයේ නිවේදන මහජනතාව අතරට ගෙනයන රජයේ ප්‍රධාන වෙබ් අඩවියක් වන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යටතේ තවමත් රජයේ මුද්‍රණාලයාධිපති ලෙස නම සඳහන් වනුයේ ගංගානි ලියනගේ මහත්මියගේ නමයි.



රජයේ මුද්‍රණාලයාධිපතිනිය ලෙස සිය සේවය නිමවා පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දා ලියනගේ මහත්මිය විශ්‍රාම ගිය අතර මුද්‍රණාලයාධිපතිනිය විශ්‍රාම ගොස් මේ වන විට මාස 02කටත් වැඩි කාලයක් ගතවී ඇත.

මේ අතර, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සිය නිල වෙබ් අඩවිය පරිශීලනය කිරීමට හැකි ලෙස සකසා දෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් (ICTA) බොහෝ ඉල්ලීම් කළ ද එය ඉටුවී නොමැති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.

සිංහල භාෂා දින සැමරුම් උත්සවය අද (මාර්තු 4දා) දිනයේදී පැවැත්වීමට නියමිත බවත් නිල වෙබ් අඩවිය යථාවත් වීම වටිනා බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Exit mobile version