Site icon Newshub

අල්ලපු වත්තේ රිලව් ගණින්න එපා.! එතකොට ඩබල් කවුන්ට් වෙනවා

මාර්තු මස 15 වැනිදා කරනු ලබන රිලව්, දඬු ලේනුන් සහ මොණරුන්ගේ සංගණනය සිදුකළ යුත්තේ එම සතුන් සම්බන්ධයෙන් කිසිදු දත්තයක් මේ වනවිට නොමැති නිසා බව මහාචාර්ය ලසන්ත සන්දික මහතා පවසයි.

පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මේ ආකාරයේ සංගණනයක මූලික අත්හදා බැලීමේ පරීක්ෂණයක් මීට පෙර සිදුකළ බවත් එයින් ලද අත්දැකීම් මත මාර්තු 15 වැනිදා සිදුකරන සංගණනය සඳහා භාවිතා කිරීමට උපදෙස් දුන් බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලසන්ත සන්දික මහතා කියා සිටියා.

ඒ අනුව විනාඩි 5ක කාලයක් මේ සඳහා ප්‍රමාණවත් බවත් තමන් ඉන්න ඉඩමේ හෝ ගොවි බිමේ ඇසට පෙනෙන සතුන් ගණනය කිරීම පමණක් ප්‍රමාණවත් බවත් අල්ලපු ඉඩමේ සතුන් ගණනය කිරීමෙන් එකම සතා දෙවරක් ගණනය වීමට ඉඩ ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ සංගණන ලෝකය තුළ මීට පෙරද සිදුව ඇති බැවින් ලංකාව තුලද එවැන්නක් සිදුකිරීමෙන් යම් දත්ත ප්‍රමාණයක් ලබාගත හැකි බව ඔවුන්ගේ අදහහස වී තිබෙනවා.

ඔවුන් දැක්වූ අදහස් මෙතැනින්

 

අල්ලපු වත්තට පනින්න කලින් විනාඩි 5කින් රිලව්, මොණරු, දඬු ලේන්නු ගනින්න – නාමල්

Exit mobile version