Site icon Newshub

යුක්‍රේනයට ලබාදෙන ආධාර ඇමෙරිකාව අත්හිටුවයි!

යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ පැවති සාකච්ඡාව අසතුටුදායක ලෙස අවසන්වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වසර තුනකට පෙර රුසියාව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කළ දා සිට යුක්‍රේනයට ආයුධ, උපකරණ සහ මූල්‍ය ආධාර ඇතුළු විශාලතම යුද ආධාර සපයන රට වන්නේ ඇමරිකාවයි.

ඇමෙරිකා ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින්, කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වන, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඒකමතිකව තීරණය කර ඇත්තේ යුක්රේනයට හැකි පමණින් සහාය පළ කරන බවයි.

Exit mobile version