Site icon Newshub

ආණ්ඩුවට කාලය දී වර්ජනය කල් දැම්මත් : GOMA වෙත සැර මඩක්

“මඩ ගැසීමෙන්, අසත්‍ය පුවත් හෝ ප්‍රකාශන බෙදාහැරීමෙන්, සත්‍ය හෝ සැබෑ ගැටලු යටපත් කල හැකි යැයි සිතන්නේ නම්, එය මුලාවකි..!” යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සිය නිල ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඒ අද(05) සිට සංවිධානය කර තිබූ සංකේත වැඩවර්ජනය අවසන් කිරීමට කරුණු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහළ ව්‍යාජ නිවේදනයක් ගෙන හැර දක්වමිනි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අපහසුතාවට පත්කරමින් එකී ව්‍යාජ ලේඛනය සකස්කර තිබේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර පැවති සාකච්ඡාවේදී, අයවැය යෝජනා හරහා වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සේවාවට අසාධාරණයක් සිදු වී ඇති බව අමාත්‍යවරයා පිළිගන්නා ලද බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් වලට අනුකූලව, වෛද්‍යවරුන්ට සහ දුෂ්කරතා ගණනාවක් මධ්‍යයේ ඔවුන් සපයන සේවාවට නිසි වටිනාකම ලැබෙන සාධාරණ විසඳුම, අයවැය තුන්වෙනි වර කියවීමේ විවාදය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව අමාත්‍යවරයා තහවුරු කරන ලද බවද ඔවුන් පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම ගැටළුව විසඳීමට සාධාරණ කාලයක් ලබාදෙමින්, ප්‍රකාශිත වැඩ වර්ජනය 21. 03. 2025 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලද බවද රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Exit mobile version