Site icon Newshub

ඉෂාරා සෙව්වන්දි ගැන නිසි තොරතුරක් දුන්නොත් ලක්ෂ 12ක්

ගනේමුල්ලේ සංජීව නමැති අපරාධකරු අධිකරණය තුළදී ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනි අවිය ගෙනැවිත් දුන් බවට සැක කරන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයකුට මෙතෙක් ගෙවීමට තීරණය කර තිබූ ත්‍යාග මුදල ලක්ෂ දෙකකින් ඉහළ දමා ඇත.

ඉෂාරා සෙව්වන්දි සම්බන්ධව නිසි තොරතුරක් ලබාදෙන අයකුට මීට ඉහතදී රුපියල් ලක්‍ෂ දහයක් ලබාදීමට පොලිසිය තීරණය කර තිබුණද එය අද සිට රුපියල් ලක්ෂ දොළහ දක්වා ඉහළ දමා තිබේ.

මේ සම්බන්ධව තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරන බව පොලිසිය පවසයි.

ඉෂාරා සිව්වන්දි නැමති සැකකාරිය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශය
071-8591727

ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාශය  071-8591735

Exit mobile version