Site icon Newshub

හිටපු පොලිස්පති අද පොලීසියට බාරවෙයි ?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද ( 03) දිනය තුළදී පොලිසිය වෙත භාරවනු ඇතැයි ඔහුට සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය දා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කළේය.

අධිකරණ නියෝගයත් සමඟ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනකීපය තුළම පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහුගේ නිවසට සහ ඔහු රැඳී සිටින බවට වාර්තා වූ ස්ථාන සෝදිසි කල ද ඔහු සොයාගත නොහැකි විය.

හිටපු පොලිස්පතිවරයා අධිකරණ නියෝගයෙන් පසු සැඟවී ඇති බවට පාර්ලිමේන්තුවේදී ද පසුගියදා ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් අද දිනයේ දේශපන්දු තෙන්නකෝන් මහතා පොලිසිය වෙත භාරවීමට නියමිත බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version