Site icon Newshub

සඳුදා සිට පිරවුම් හල් වල තෙල් නෑ : බෙදුම්කරුවන් රටටම කියයි !

සඳුදා (03) දින සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසයි.

සංගමය සඳහන් කරන ආකාරයට දැනට සැපයෙන ඉන්ධන ඊයේ, එනම් සිකුරාදා දින මුදල් ගෙවා ඇණැවුම් කරන ලද ඉන්ධන තොග වෙයි.

එසේ ඉන්ධන පිරවුම්හල් වෙත ලැබෙන තොග අද සහ හෙට යන දෙදින තුළ බෙදා අවසන් කරන බවත් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවත් එම සංගමයේ උපසභාපති කුසුම් සන්දනායක පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවද අවධාරණය කර සිටියේ ය.

ඒ හේතුවෙන් ලබන සඳුදා දින සිට ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවණු ඇති බවද ඔහු පැවසීය.

තෙල් බෙදාහරින්නන් සඳහා ලබා දී ඇති සියයට තුනක කොමිස් මුදල ඉවත් කර නව සූත්‍රයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනු තැන මෙම ක්‍රියා මාර්ගය හැර වෙනත් විකල්පයක් ඉතුරු නොවූ බවද ඔහු සඳහන් කළේය .

කෙසේ වෙතත් මෙම තත්වය සදහා මැදිහත් වන්නැයි ජනාධිපති ඇතුළු සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසුවේය.

ඉන්ධන පෝලිම් හදපු එකක් : ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා – අනිල් ජයන්ත

නව සූත්‍රයෙන් තෙල් බෙදුම්කරුවන්ට ඉස්සරට වඩා ආදායමක් ලැබෙනවා – සිපෙට්කෝ සභාපති

3% කප්පාදුව නිසා ඉන්ධන හල් ඉදිරිපිට පෝලිම් : ඉන්ධන හිඟ නෑ – සිපෙට්කෝ දන්වයි !

Exit mobile version