Site icon Newshub

පොලීසිය ගෙදරටම ගියත් දේශබන්ධු ගැන කිසි තොරතුරක් නෑ

හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය කරන ලද නියෝගය මත පොලිස් නිලධාරීන් හිටපු පොලිස්පතිවරයාගේ නිවස සෝදිසියට ලක් කර ඇත.

පොලිස් නිලධාරීන් විසින් තෙන්නකෝන් මහතාගේ නිවස සෝදිසියයට ලක් කරන අවස්ථාවේදී ඔහු එම නිවස තුළ නොසිටි බව ඒ සම්බන්ධව පරීක්ෂණ කරන පොලිස් නිලධාරියෙක් පැවසීය.

දිගු වේලාවක් පොලිස් නිලධාරීන් හිටපු පොලිස්පතිවරයාගේ නිවස ආසන්නයේ රැඳී සිට ඇතත් ඔහු සම්බන්ධව කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.

මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී 2023 /12/31 දිනය සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියකු මිය යෑම සම්බන්ධයෙන් මෙම නියෝගය ලබාදී ඇත.

Exit mobile version