හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ.
ඒ ඉන්දියාවේ නවදිල්ලි හි පැවැත්වෙන NXT Conclave 2025 අතරතුර ය.
ඒ සම්බන්ධව සිය X ගිනුමේ සටහනක් තබමින් හින්දීය අගමැතිවරයා මෙසේ සඳහන් කර ඇත.
At the NXT Conclave, met my friend Mr. Ranil Wickremesinghe. I have always looked forward to our interactions and have admired his perspective on various issues. @RW_SRILANKA pic.twitter.com/blBNKMaDM4
— Narendra Modi (@narendramodi) March 1, 2025
“මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටි අතර විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය අගය කර ඇත්තෙමි.”
NXT Conclave 2025 යනු 2025 පෙබරවාරි 28 සහ මාර්තු 1 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ භාරත් මණ්ඩපම් (Bharat Mandapam) හි පැවැත්වෙන ගෝලීය සමුළුවකි.
“මානව සංහතියේ අනාගතය සැකසීම” (Shaping the Future of Humanity) යන තේමාව යටතේ නවදිල්ලියේ භාරත් මණ්ඩපයේ එය පැවැත්වෙයි.