Site icon Newshub

මනුෂ්‍ය ඝාතන සඳහා යතුරුපැදි දුන් දෙන්නෙක් අල්ලයි

මිනිස් ඝාතන සඳහා යතුරුපැදි සැපයූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකුගේ උපදෙස් මත මෙම යතුරුපැදි ලබාදී ඇති බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගෙන තිබේ.

එගොඩඋයන සහ කොට්ටාව ප්‍රදේශවල පදිංචි කරුවන් වන මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔවුන් ළඟ ව්‍යාජ අංක තහඩු, ව්‍යාජ ආදායම් බලපත්‍ර, රක්ෂණ වාර්තා සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩු තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය කටයුතු කර ගෙන යයි.

Exit mobile version