Site icon Newshub

‘සුලෝහිත සංග්‍රාමය’ හා ”මොරටු රන් මහා සටන” අද ආරම්භ වෙයි

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (28) ආරම්භ වේ.

මෙම ක්‍රිකට් තරගය අද සිට මාර්තු 02 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මෙවර තරගය ඉතිහාසයේ පළමුවරට තුන්දින ත‍රගයක් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

මෙවර ‘සුලෝහිත සංග්‍රාමය’ සඳහා ආනන්ද විද්‍යාල කණ්ඩායමට ආශිංස නයිනායක නායකත්වය ලබා දෙන අතර, නාලන්දා විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙස සදෙව් සමරසිංහ කටයුතු කරයි.

මේ අතර මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර ”මොරටු රන් මහා සටන” මහා ක්‍රිකට් තරගයද අද මොරටුව ද සොයිසා ක්‍රිඩාංගණයේ ආරම්භ වේ.

75 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියේ මෙතෙක් පැවැති මොරටු රන් සටන අවස්ථා 6කදී ජය ගන්නට වේල්ස් කුමර ක්‍රීඩකයින් සමත්ව තිබෙන අතර අවස්ථා 4ක ජය සෙබස්තියන් ක්‍රීඩකයින්ට හිමිව තිබේ.

Exit mobile version