Site icon Newshub

මාර්තු මාසයේ ඉන්ධන සහ ගෑස් මිල මෙන්න !

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව පවසයි.

ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි.

මේ අතර ලාෆ් ගෑස් සමාගම පවසන්නේ මාර්තු මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බවයි

Exit mobile version