Site icon Newshub

ජනාධිපති තුමා පොඩියි කොටයි නිසා රටවල් තුනකට ලක්ෂ 18කට ගියේ භාගේ ටිකට් අරන්ද ? – චාමර සම්පත්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ තවත් එකොළොස් දෙනෙක් රුපියල් ලක්ෂ දහඅටක් වැය කර රටවල් තුනක සංචාරය කළේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අගමැතිවරියගෙන් අද (28 පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඉන්දියාව, ඩුබායි, චීනය යන රටවලට ජනාධිපතිවරයා ගමන් කළේ, බාග ටිකට් ගෙනදැයි සභාව සිනස්වමින් චාමර සම්පත් මහතා විමසා සිටියේය.

“අගමැතිතුමිය ඊයේ ලැයිස්තුවේ දි කිව්වා විදේශ ගමන් ගැන. ඔබතුමිය ඉදිරිපත් කළ අනෙක් ඒවා හරි ජනාධිපති තුමා රටවල් තුනකට ගියාලු මිලියන 1.8 ට තව එකොළොස් දෙනෙක් එක්කරගෙන. හැබැයි අගමැතිතුමිය ….. ඒ ..බාග ටිකට් වලට ද දන්නේ නෑ. මොකද මිලියන1.8 ක් ලක්ෂ 18 ක් ඒ මුදලෙන් එකොළොස් දෙනෙක්ට යන්න බැහැ.

ජනාධිපතිතුමා පොඩ්ඩක් පොඩියි….. කොටයි. ඒ හින්දා බාග ටිකට් කඩනවද ? දන්නේ නැහැ. මොකද මට නම් බාග ටිකට් වලට යන්න බැහැ. මම මහතයි. චීනය ඉන්දියාව සහ ඩුබායි වලට එකොළොස් දෙනෙක් ලක්‍ෂ 18 කින් ගියේ කොහොමද ඒ විදිහ අපට කියන්න එච්චර ලාබෙට තියෙනවා නම් විපක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම ටික යමු ” යැයි චාමර සම්පත් දසනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය

Exit mobile version