Site icon Newshub

පියවි ඇසින් ග්‍රහලෝක නැරඹීමේ දුර්ලබ අවස්ථාවක් අද උදාවෙයි

අහසේ දර්ශනයවන ග්‍රහලෝක 07කින් 05ක් අද (28) දිනයේදී පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම ග්‍රහලෝක 07ක් දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් පසුගිය 25 වැනිදා සිට උදා වූ බවත් පියවි ඇසට නිරීක්ෂණය නොවන අනෙකුත් ග්‍රහලෝක දෙක නැරඹීම සඳහා කුඩා දුරේක්ෂයක් මඟින් හැකි බවද ඒ මහතා පවසයි.

පස්වරු 06.30 සිට පස්වරු 07.10 දක්වා කාලය තුළදී මෙම ග්‍රහලෝක 07 න් ග්‍රහලෝක 05 ක් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවද පවසන ඒ මහතා, මේ ආකාරයෙන් නැවත ග්‍රහලෝක 07ක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවෙන්නේ 2040 වසරේදී වැඩිදුරටත් පවසයි

Exit mobile version