Site icon Newshub

තඹුත්තේගම දුම්රිය ස්ථානයට මිලියන 100ක් වෙන්කිරීම ගැන ජනපති අනුර දන්නේ නෑ – බිමල්

තඹුත්තේගම දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා ශක්‍යතා වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් අය වැය මගින් රුපියල් මිලියන 100ක් වෙන් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක නොදන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය මුළුමනින්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුත්තක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අය වැය අනුර කුමාර දිසානායක ගේ අයවැයක් නොව සියලු දෙනා එක්ව සකස් කළ සාමූහික අයවැයක් බවද බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසීය .

විපක්ෂයේ විවේචන සතුටින් භාර ගන්නා බවත් ආණ්ඩුව සර්ව සම්පූර්ණ නැති බව පිළිගන්නා බවත් එසේ සිතීමට තරම් අං ඇවිත් නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version